
මියන්මාරයේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් තායිලන්තයේ බැංකොක් හි වැඩ නිම නොකළ ගොඩනැගිල්ලේ සේවකයින් 70 ක් පමණ තවමත් අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
ගලවා ගැනීමේ සේවකයින් පවසන්නේ සුන්බුන් තවමත් පහළට වැටෙමින් පවතින බැවින් ගලවා ගැනීම් අසීරු වී ඇති බවයි.
දිවි ගලවා ගත් අය සොයා Sniffer බල්ලන් සහ ඩ්‍රෝන යානා භාවිත කරන බව තායිලන්ත වාර්තා පවසනවා.

මේ අතර ඊයේ ඇති වූ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රභල භූ කම්පනයෙන් මියන්මාරයේ පුද්ගලයින් 144 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් සිය ගණනක් අතුරුදන් ව ඇති බවයි මියන්මාර මාධ්‍ය පවසන්නේ.

මේ අතර මෙම ප්‍රබල භූ කම්නය චීනය, වියට්නාමය මෙන්ම ඉන්දියාවට ද දැනී ඇති බවට වාර්තා පළවනවා.