IPL වෙනුවෙන් ඉන්දියාවට පැමිණි ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට ????

අයි පී එල් තරගාවලිය වෙනුවෙන් ඉන්දියාවට පැමිණි ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් නැවත සිය රට බලා යාමට පෙර ශ්‍රී ලංකාවට හෝ මාලදිවයිනට පැමිණ දින කිහිපයක් ගත කරනු ඇති බවට වාර්තා පළවනවා.

ඉන්දියාවෙන් ගුවන් යානා හෝ පුද්ගලයන් ගෙන්වා ගැනීම ලබන 15 වනදා දක්වා අත්හිටුවීමට ඔස්ටේ‍රලියාව පසුගියදා තීරණය කලා.

කෙසේවෙතත් ඊයේ දිනයේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කලේ ක්‍රීඩකයන් ඇතුලු පිරිසකට කොවිඩ් වෛරසය වැළඳීම හමුවේ අයි පී එල් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමන බවයි.

ඒ අනුව අයි පී එල් වෙනුවෙන් ඉන්දියාවට පැමිණි ඔස්ටේ‍රිලියානුවන්ට ඉන්දියාවෙන් පිටත්ව දින කිහිපයක් වෙනත් රටක ගතකර මව්බිම බලායාමට සිදුවන අතර ඒ සඳහා ආසන්නම රටවල් දෙක වන්නේ ශ්‍රී ලංකාව හෝ මාලදිවයිනයි.

අයි පී එල් වෙනුවෙන් ඉන්දියාවට පැමිණි ඔස්ටේ්‍රලියානුවන් ගණන 38 ක් වන අතර එයින් මයිකල් හසී ට පමණක් කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බවටයි මේ වනවිට තහවුරු කරගෙන ඇත්තේ.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »