
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින ශ්‍රම හිඟයට විසදුමක් ලෙස දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය විසින් නව වැඩසටහනක් හදුන්වා දී තිබෙනවා.
එය හදුන්වා දී ඇත්තේ Build Connect ලෙසයි.
ඔස්ට්‍රේලියාව පුරා ඕනෑම ප්‍රාන්තයක සේවය කරන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයන්ට මේ හරහා රැකියා අවස්ථා රැසක් හිමිවනු ඇති.

පුහුණු ශ්‍රමිකයන්, ව්‍යාපාරික ආයතන, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු අංශ සහ ජ්‍යේෂ්ඨ නිලධාරීන් අතර නිරතුරු හමුවීම් සංවිධානය ද මෙම වැඩපිළිවෙලට අයත්.
නව නිවාස – වාණිජ ගොඩනැගිලි – බලාගාර – රෝහල් ඇතුලු යටිතල පහසුකම් ගණනාවක් Build Connect ව්‍යාපෘතිය හරහා ආවරණය කිරීම ද විශේෂත්වයක්.

ඉදිරියේදී විදේශයන් හි සිටින සංක්‍රමණිකයන්ට ද මේ හරහා වැඩි රැකියා අවස්ථා උදාවන බවයි දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය පෙන්වා දෙන්නේ.