
මැයි 03 වනදා පැවැත්වෙන ඔස්ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට අපේක්ෂා කරන ඡන්දදායකයන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ඔස්ට්‍රේලියානු පුරවැසියන් ලබන අප්‍රේල් 04 වනදා රාත්‍රී 8.00 ට පෙර නියමිත පරිදි ලියාපදිංචි විය යුතුයි.
එලෙස ලියාපදිංචි වී මැතිවරණ දිනයේදී හෝ ඊට පෙර ඡන්දය ප්‍රකාශ නොකරන ඕනෑම අයෙකුට ඩොලර් 20 ක දඩයකට යටත් වීමටද සිදු වනවා.

පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම අප්‍රේල් 22 වනදා ආරම්භ වනවා.
අප්‍රේල් 30 වනදා හවස 6.00 තෙක් පූර්ව ඡන්ද අයදුම්පත් භාර ගැනෙන බවයි ඔස්ට්‍රේලියා මැතිවරණ කොමිසම සදහන් කළේ.

මෙවර මැතිවරණයෙන් පසු තේරීපත් වන්නේ ඔස්ට්‍රේලියාවේ 48 වන පාර්ලිමේන්තුවයි.