
ඔස්ට්‍රේලියානුවන් මස් අනුභවය වැඩි කර චොක්ලට් ආහාරයට ගැනීම අඩු කර ඇතැයි හෙළිවී තිබෙනවා.
සංඛ්‍යාලේඛන කාර්යංශය නිකුත් කර ඇති නවතම දත්තවලට අනුව පෙනී යන්නේ වසරකට පෙර පැවති තත්වයට වඩා ඔස්ට්‍රේලියානුවන්ගේ මස් ආහාරයට ගැනීම සියයට 2.3 කින් ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව කුකුළු මස් ආහාරයට ගැනීම සියයට 13 කින්ද බැටළු, ගව සහ ඌරු මස් පරිභෝජනය සියයට 1.8 කින්ද වැඩිවී තිබෙනවා.

මීට අමතරව සකස් කළ මාංශ (Processed Meats) භාවිතයට ගැනීම සියයට 12 කින් පහළ ගොස් ඇතැයි සදහන්.
මේ අතර පෙර වසරට සාපේක්ෂව ඔස්ට්‍රේලියානුවන් විසින් බදින ලද අල පෙති (Potato Chips) ආහාරයට ගැනීම ද සියයට 10 කින් පමණ වැඩි වී තිබෙනවා.

මේ අතර පැණි බීම සහ පළතුරු යුෂ පානයද ඔස්ට්‍රේලියානුවන් විසින් කැපීපෙනෙන ලෙස අඩු කර ඇති බවයි සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.