Search

ඔස්ට්‍රේලියාවේ සංචාරයකට ට්‍රම්ප්ට ආරාධනා

ඔස්ට්‍රේලියාවේ සංචාරයකට එක්වන්නැයි අගමැති ඇන්තනී ඇල්බනීස් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කර තිබෙනවා.

කෙසේවෙතත් අමෙරිකා ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙතෙක් ඊට පිළිතුරක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර ෆෙඩරල් මැතිවරණයෙන් නැවත වරක් බලයට පත්වුවහොත් තමා වහාම අමෙරිකාවේ සංචාරයක නිරත වන බවද ඇන්තනී ඇල්බනීස් සදහන් කළා.

මේ අතර ජපාන සහ ඉන්දීය රාජ්‍ය නායකයන්ද ලබන වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරවල නිරත වීමට නියමිතයි.

මේ අතර අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අගමැති ඇල්බනීස් අතර ඉතා නුදුරේදී දුරකතන සංවාදයක් පැවැත්වෙනු ඇති බවටද නිල නොවන වාර්තා පළ වනවා.