
කාබන් විමෝචන ජාත්‍යන්තර සම්මතයන් සදහා පිළිගැනීමක් ලද ඔස්ට්‍රේලියාවේ පළමු ඉදිකිරීම් ව්‍යාපෘතිය බවට North East Link පත්වී තිබෙනවා.
කිලෝමීටර් 6.5 ක දුරට දිවෙන මෙම ව්‍යාපෘතිය සියයට සියයක් පුනර්ජනනීය බලශක්තිය යොදාගනිමින් ඉදිකිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ අනුව පූර්ණ පරිසර හිතකාමී අයුරින් North East Link ව්‍යාපෘතිය ඉදිකිරීමට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් සැලසුම් කර තිබෙනවා.

කෙසේවෙතත් එය ඉදිකර අවසන් කෙරෙන දිනවකවානුවක් මේ දක්වා ප්‍රකාශයට පත්කර නැහැ.
මෙම ව්‍යාපෘතිය හරහා දිනපතා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල ගමනාගමන කලසීමාව විනාඩි 35 කින් පමණ අඩු වනු ඇති බවටයි අපේක්ෂා කරන්නේ.
