Search

මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක් – තායි අගනුවර ගොඩනැගිලි කඩා වැටෙයි

මියන්මාරයේ මන්ඩලේ ප්‍රදේශය තුළ රික්ටර් මාපක ඒකක 7.7 ක ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙනවා.

එම භූ කම්පනයේ බලපෑම තායිලන්තයේ බැංකොක් අගනුවරටද දැනී ඇති බවයි පැවසෙන්නේ.

ඒ හේතුවෙන් බැංකොක් නගරයේ ඉදිවෙමින් පැවති මහල් ගොඩනැගිල්ලක් කඩාවැටී තිබෙනවා.

මෙම අනතුරෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම ගොඩනැගිල්ල මහල් 20 කින් පමණ සමන්විත බවයි දැක්වෙන්නේ.