Search

මෙල්බන්වලින් මත්ද්‍රව්‍ය මිලට ගත්තොත් බලාගෙනයි

මෙල්බන්හි අලෙවි වන දූෂිත මත්ද්‍රව්‍යවලින් ප්‍රවේශම් වන්නැයි වික්ටෝරියා බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මෙල්බන් හි කොකේන් සහ මෙතම්ෆෙටමින් ලෙස හෙරොයින් අධි මාත්‍රා අඩංගුවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවිට හදිසි ප්‍රතිකාර ලබමින් සිටින බවටයි වාර්තා වන්නේ.

ඔවුන්ට සිදුකළ විශේෂිත රුධිර පරීක්ෂණයකදී හඳුනාගෙන ඇත්තේ කොකොන් සහ මෙතම්ෆෙටමින්වලට හෙරොයින් මිශ්‍රකර ඇති බවයි.

හෙරොයින් කුඩා ප්‍රමාණයක් මාරාන්තික ලෙස බලපාන බව වික්ටෝරියා සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

විශේෂයෙන් ඒවා මත්පැන්, GHB හා benzodiazepines සමග ගත්විට මිනිස් සිරුරට වැඩි අවදානමක් පවතින බව වික්ටෝරියා සෞඛ්‍ය අංශ කියාසිටියා.
කොකේන් සහ මෙතම්ෆෙටමින් උත්තේජකයන් වන නමුත් හෙරොයින් මගින් ස්නායු පද්ධතියේ අවපීඩනයක් ඇති කරනු ලබනවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »