
වර්ජින් ඔස්ට්‍රේලියා සහ කටාර් එයාර්වේස් අතර අද නිළ හවුල්කාරිත්වය සඳහා බලය ලබාදී තිබෙනවා.
ඒ අනුව ඉදිරි වසර 5 සඳහා ඔස්ට්‍රේලියාවේ සිට දෝහා දක්වා ගුවන් ගමන් සංඛ්‍යාව දෙගුණ වනු ඇති.
ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිෂන් සභාව අද ගුවන් සමාගම් දෙක අතර හවුල්කාරිත්වයට අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව දෝහා සිට සිඩ්නි, මෙල්බන්, බ්‍රිස්බන් සහ පර්ත් අතර සතිපතා අලුතින් ගුවන් ගමන් 28 ක් ක්‍රියාත්මක කිරීමටයි ගුවන් සමාගම් කටයුතු කර ඇත්තේ.
මේ අතර වසර 5 ක ගිවිසුමට අනුව කටාර් ගුවන් යානයක් සහ එහි කාර්ය මණ්ඩලය වර්ජින් විසින් භාවිත කරන අතර එය වර්ජින් පියාසැරි අංකය යටතේ පියාසර කරනු ඇති.

ගිවිසුමට අනුව ලබන ජූනි මාසයේ සිට සිඩ්නි, මෙල්බන්, බ්‍රිස්බන් ගුවන් තොටුපළවලද නොවැම්බර් සිට පර්ත් ගුවන් තොටුපළේදී ගුවන් ගමන් ආරම්භ කරනු ඇති.
මෙමගින් වැඩි ගුවන් ගමන් අවස්ථාවක් මෙන්ම ලාබදායී ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ද ඔස්ට්‍රේලියානු ජනතාවට අවස්ථාව උදාවන බවයි පාරිභෝගික කොමිෂන් සභාව අවධාරණය කළේ.