
ඔස්ට්‍රේලියාවේ Cash Rate අගය ලබන සතියේදී නැවත අඩු නොකෙරෙනු ඇති බවට ආර්ථික විශේෂඥයින් අනාවැකි පළ කරනවා.
ඒ අනුව දැනට පවතින සියයට 4.1 ක අගයෙහිම Cash Rate අගය පවත්වාගෙන යනු ඇති බවටයි මත පළ වන්නේ.
ඔස්ට්‍රේලියා ෆෙඩරල් සංචිත බැංකුවේ විධායක මණ්ඩලය ලබන සඳුදා දිනයේදී රැස්වීමට නියමිතව තිබෙනවා.

ආර්ථික විශ්ලේෂකයන් 34 දෙනෙකු සහභාගී කර ගනිමින් Finder ආයතනය සිදුකළ සමීක්ෂණයකදී ඉන් අති බහුතරයක් පවසා ඇත්තේ Cash Rate අගය අප්‍රේල් මාසයේදී වෙනස් නොවනු ඇති බවයි.
ලබන සඳුදා ආරම්භ වන සංචිත බැංකු විධායක මණ්ඩල රැස්වීමේ ගනු ලබන තීරණ ඊට පසු දින එනම් අප්‍රේල් 01 වනදා මෙල්බන් වේලාවෙන් පස්වරු 2.30 ට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
