උපුල් තරංග, ඕස්ට්‍රේලියාවේ සිටින දිල්ෂාන් සමග එක්වෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

උපුල් තරංග, ඕස්ට්‍රේලියාවේ සිටින දිල්ෂාන් සමග එක්වෙයි

උපුල් තරංග, ඕස්ට්‍රේලියාවේ සිටින දිල්ෂාන් සමග එක්වෙයි

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන දේශීය ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ හිටපු ජේෂ්ඨ ක්‍රීඩකයෙකු වන තිලකරත්න දිල්ෂාන් සමග උපුල් තරංග ද එක්වීමට නියමිතව ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ Mulgrave ක්‍රිකට් සමාජය සමග උපුල් තරංග ගිවිසුම් ගතව ඇති බවයි වාර්තා වන්නේ.

Mulgrave ක්‍රීඩා සමාජය නැගෙනහිර වික්ටෝරියා ක්‍රිකට් සංගමයේ තෙවන අදියරේ ක්‍රීඩා කරනු ලබනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගා 31 ක් ක්‍රීඩා කර ඇති උපුල් තරංග එහිදී ශතක 03ක් රැස් කරගෙන ඇති අතර හොඳම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 165ක් වාර්තා කර ඇත.

එමෙන්ම ඔහු එක්දින තරග 235කට සහ විස්සයි 20 තරග 125 කට ක්‍රීඩා කර ඇති පළපුරුදු ක්‍රීඩකයෙකු වනවා.

Mulgrave ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තිලකරත්න දිල්ෂාන් ඉකුත් ක්‍රීඩා වාරයේ විස්සයි 20 තරගාවලියට එක්ව සිටිය අතර ඔහුගේ දස්කම් හේතුවෙන් කණ්ඩායම අවසන් මහ තරගය දක්වා ඒමට හැකියාව හිමිවුවා.

COMMENTS