
ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය කැසිනෝ බලපත්‍රයක් ඉදිරි මාස කිහිපයක් දක්වා අත්හිටුවා තිබෙනවා.
නිව් සවුත්වේල්ස් ස්වාධීන කැසිනෝ කොමිසම පැවසුවේ (The Star) ද ස්ටාර් හි කැසිනෝ බලපත්‍රය ලබන සැප්තැම්බර් දක්වා නැවත අත්හිටවූ බවයි.
ස්ටාර් කැසිනෝ හි පවතින මූල්‍යමය ගැටළුව සහ එහි ප්‍රගතිය මන්දගාමීවීම මීට බලපා තිබෙනවා.

එහි සියලුම කැසිනෝ මෙහෙයුම් අධීක්ෂණයට අවම වශයෙන් සැප්තැම්බර් 30 දක්වා කාලයක් අවශ්‍ය බවයි කැසිනෝ කොමිසම කියාසිටියේ.
ද ස්ටාර් සමාගමේ කොටස් ගණුදෙණු පසුගිය පෙබරවාරි මාසයේදී අත්හිටවනු ලැබූ අතර ඉදිරි මාස 6ද ස්ටාර් සඳහා තීරණාත්මක අවධියක් වනු ඇති බවයි කැසිනෝ කොමිසමේ ප්‍රධානී පවසන්නේ.

ඒ අනුව මෙම කාලයේදී ද ස්ටාර් සමාගම සිය ක්‍රීඩා පහසුකම් තවදුරටත් වැඩිදියුණු කරනු ඇතැයි කැසිනෝ කොමිසමේ ප්‍රධානීවරයා සඳහන් කළා.