
ක්වීන්ස්ලන්ඩ් කාන්තාවකට ඩොලර් මිලියන 20 ක Powerball ලොතරැයි ජයග්‍රහණයක් හිමිව තිබෙනවා.
ඇය Ipswich ප්‍රදේශයේ Leichhardt හි පදිංචිකාරියක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එම දිනුම් වාරයේදී පළමු කොටසේ ත්‍යාගයක් ජයග්‍රහණය කර ඇත්තේ මම කාන්තාව පමණයි.

අද (28) දින ලොතරැයි නිළධාරියෙකු විසින් මේ පිළිබඳව ජයග්‍රාහී කාන්තාව දැනුවත් කර තිබෙනවා.
මීට පෙර ලොතැරැයි දිනුම් ඇදීම්වලින් ඇය ජයග්‍රහණය කර ඇත්තේ ඩොලර් 11 ක් වැනි සුළු මුදලක් බවයි ඇය සදහන් කළේ.

ජයග්‍රහණය කළ ත්‍යාග මුදලින් තම දරුවන්ගේ උකස් ණය පියවීමටත් තම විදේශ ගමන් බලපත්‍රය අලුත් කර ගැනීමටත් බලාපොරොත්තු වන බවයි ජයග්‍රාහිකාව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.