Search

පොලිස් car අනතුරෙන් හමුවූ නීති විරෝධී දේවල්

පොලිස් මෝටර් රථයක ගැටී මියගිය පුද්ගලයා සතුව තිබී නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් සහ විශාල මුදල් ප්‍රමාණයක් හමුවී තිබෙනවා.

සිඩ්නි නුවර අභ්‍යන්තර නගරයකදී පොලිස් මෝටර් රථයකට ඊ-බයික් රියදුරෙකු ගැටී මියගිය බව පොලීසිය වාර්තා කළා.

එහිදී ඩොලර් 40,000 ක් පමණ වටිනා නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් සහ ඩොලර් දස දහසක මුදල් ප්‍රමාණයක් ඔහු සතුව තිබී හමුවී තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය අතර methamphetamine සහ අයිස් මත්ද්‍රව්‍ය හමුවූ බවයි NSW පොලීසිය පවසන්නේ.

මියගිය පුද්ගලයා පිළිබඳ මරණ පරීක්ෂණය මේ වනවිට සිදුවෙමින් පවතිනවා.

ඔහු ස්වදේශිකයෙකු බවට තහවුරු වී ඇති අතර ඔහු සම්බන්ධ විමර්ශන ආරම්භකර ඇති බවයි පොලීසිය තහවුරු කළේ.