
2025 ෆෙඩරල් මැතිවරණ මැයි මස 3 වනදා පවත්වන බවට අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් අද නිළ වශයෙන් දැනුම් දුන්නා.
අයවැයෙන් පසු ලබන ජූලි මස පළමු වනදා සිට සියලුම ඔස්ට්‍රේලියානු බදු ගෙවන්නන්ට බදු කප්පාදුවක් ලබාදෙන බවටයි ප්‍රතිඥාවෙන් පසු අගමැතිවරයා කියාසිටියේ.
මේ අතර සුළුතර ආණ්ඩුවක් සමග ලේබර් පක්ෂය ජයග්‍රහණය කරන බවට විශ්වාස කරන බව ග්‍රීන්ස් නායක ඇඩම් බෑන්ඩ්ට් මාධ්‍ය හමුවකදී අද පවසා තිබෙනවා.

අයවැයට විරුද්ධව දැවැන්ත උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන බවට ද ඇඩම් බෑන්ඩ්ට් එහිදී සඳහන් කළා.
විපක්ෂ නායක පීටර් ඩටන් සිය ප්‍රතිචාරය ඔහුගේ නිළ ඉන්ටර්ග්‍රෑම් පිටුවේ දක්වා තිබෙනවා.

ලේබර් රජය ඔස්ට්‍රේලියානු ජනතාව තවතවත් ජීවන වියදම් අර්බුදයට ලක්කරන බවයි ඔහු එහිදී චෝදනා කර ඇත්තේ.