Search

වික්ටෝරියා තරුණයන්ට ෆෙඩරල් රජයෙන් නව රැකියා

ෆෙඩරල් රජය සමඟ එක්ව සේවය කිරීමට වික්ටෝරියා ප්‍රාන්තයේ වාසය කරන තරුණ තරුණියන්ට අවස්ථාව උදාවී තිබෙනවා.

ඒ අනුව තරුණ ප්‍රතිපත්ති සහ සමාජ සුබසාධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත්කර ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් මේ සදහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

ලබන අප්‍රේල් 13 වනදාට පෙර සම්පූර්ණ කරන ලද අයදුම්පත් යොමු කළ යුතු බවයි ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව දැනුම්දෙන්නේ.

ලබන මැයි මාසයේ සිට සෑම සති 06 කටම වරක් මෙම ප්‍රතිපත්ති සම්පාදක කමිටුව රැස්වී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවියට පිවිසීම ඔස්සේ ලබාගත හැකි බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »