Search

තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල පහළට ?

ඉන්ධන සදහා පනවා ඇති Cess බදු කපා හරින බවට විපක්ෂ ලිබරල් සන්ධානය මැතිවරණ පොරොන්දුවක් දී තිබෙනවා.

ෆෙඩරල් මැතිවරණයෙන් බලයට පත් වුවහොත් මාස 12 ක කාලයක් සදහා එය ක්‍රියාවට නංවන බවටයි විපක්ෂ නායක පීටර් ඩට්න් අයවැය පිළිතුරු කතාවේදී සදහන් කර ඇත්තේ.

ඒ සදහා දැරීමට සිදුවන මුදල ඩොලර් බිලියන 06 ක්.

ඒ අනුව වාහනයක් ඇති ඔස්ට්‍රේලියානු පවුලකට සතියකට ඩොලර් 28 ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට අවස්ථාව පවතිනවා.

ඔස්ට්‍රේලියානුවන් මුහුණ දී සිටින ජීවන වියදම් ගැටලුව විසඳීමට වත්මන් කම්කරු රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ.

මෙවර අයවැයෙන් ලබාදී ඇත්තේ මැතිවරණ පොරොන්දු මිස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් නොවන බවටද විපක්ෂ නායකවරයා චෝදනා කරනවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »