Search

ෆෙඩරල් මැතිවරණය කවදාද ? නිල නිවේදනයට තව පැය කිහිපයයි

2025 ෆෙඩරල් මැතිවරණ දිනය අද (28) ප්‍රකාශයට පත් කෙරෙනවා.

එය නිල වශයෙන් දැනුම්දීමට අගමැති ඇන්තනී ඇල්බනීස් අද පෙරවරුවේ ආණ්ඩුකාර ජෙනරාල්වරයා මුණගැසීමට නියමිතයි.

බොහෝදුරට මැයි 03 වනදා මැතිවරණය පැවැත්වෙනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග අනාවැකි පළ කරන්නේ.

මේ අනුව සති 05 ක කාලයක් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීමට දේශපාලන පක්ෂවලට අවස්ථාව පවතිනවා.

මැතිවරණයක් කැඳවීමෙන් පසු පවතින පාර්ලිමේන්තුව ඉබේම විසුරුවා හැරෙන අතර ඒ අනුව වර්තමාන රජය අන්තර්වාර රජයක් බවට පත් වනවා.

මෙවර මැතිවරණයේදී ඔස්ට්‍රේලියානු ජනතාවගේ ප්‍රධානතම අවධානය යොමුවනු ඇත්තේ ජීවන වියදම කෙරෙහි බවටයි මත විමසුම් පෙන්වා දෙන්නේ.

පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයේදී ලෝක නායකයින් කථාබහක

අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයේදී ඊයේ කෙටි වේලාවකට හමුව තිබෙනවා.

Read More »

දුම්පානයෙන් මිදෙන්න සූදනම් පිරිසක්

ස්පිනිෆෙක්ස් මිනිසා දශකයක් තිස්සේ පර්ත් සිට කිලෝමීටර් 1,300 ක් නැගෙනහිරින් පිහිටි ටියුන්ට්ජුන්ට්ජාරා හි දුරස්ථ ප්‍රජාවේ සෞඛ්‍ය වෘත්තිකයෙකු ලෙස සේවය කර ඇත.

Read More »

අවසන් ගමනේදී පාප් වහන්සේ කියා දුන් – අනුකම්පාවේ පණිවිඩය

සිය දේහය වතිකාන සීමාව තුළ මිහිදන් නොකිරීමට තීරණය කිරීමෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සියවසකට අධික සම්ප්‍රදායක් බිඳ දමා ඇත.

Read More »