
වික්ටෝරියා ප්‍රාන්තයේ Nunawading හි පිහිටි ශ්‍රී ලාංකික අවන්හලක් වන යාත්‍රා අවන්හලේ හදිසි ගින්නක් ඇතිවී තිබෙනවා.
මෙම ගින්න ඇතිවන අවස්ථාව වනවිට අදාළ අවන්හල වෙත ඇනවුම් රාශියක් ලැබී තිබූ බවටයි තොරතුරු වාර්තා වන්නේ.
යාත්‍රා අවන්හල වෙත ඇනවුම් භාරදුන් පාරිභෝගිකයන්ට උද්ගත වී ඇති තත්වය පිළිබඳව සැළකිලිමත් වන ලෙසට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

උද්ගත වී ඇති හදිසි තත්වය හේතුවෙන් පාරිභෝගිකයන් වෙත සිදුවන අපහසුතාවය පිළිබඳව අවන්හල් පාලනාධිකාරිය විසින් සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.