Search

ඇපල් සමාගමෙන් ලැබුණු අලුත්ම පෙරළිය මෙන්න

ඇපල් සමාගම ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා සිය Apple Mapsවලට නව දත්ත රාශියක් එක්කර තිබෙනවා.

එමගින් ඇපල් පරිශීලකයන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශයන් පැහැදිලිව හඳුනාගත හැකි බවයි ඇපල් සමාගම පෙන්වාදෙන්නේ.

ඇපල් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් අද මාධ්‍ය ඔස්සේ පවසා ඇත්තේ මෙම නව හඳුන්වාදීම ඔස්ට්‍රේලියානුවන්ට වඩාත් වාසි සහගත වනු ඇති බවයි.

ඇපල් සමාගම මීට වසර 40 කට පෙර සිට ඔස්ට්‍රේලියාවේ මෙන්ම නවසීලන්තයේ ද නව තාක්ෂණික පෙරළියක් සිදුකරමින් පවතිනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව පුරා ඇපල් නිෂ්පාදනය යාවත්කාලීන කිරීම පමණක් නොව ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රජා වැඩසටහන් වෙනුවෙන්ද සිය දායකත්වය ලබාදී ඇති බවයි ඇපල් සමාගමේ අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් කියාසිටියේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »