
යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.
ඒ සඳහා අවම පැය 72 කටවත් පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය සැපයුම් ගබඩා කළ යුතු බවයි යුරෝපා සංගම් කොමිසම පවසන්නේ.
ඊයේ නිකුත්කළ මාර්ගෝපදේශනයේදී “පෙර සූදානම” සහ “ඔරොත්තු දීමේ” සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහා යුරෝපය සිය මානසිකත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාවය කොමිසම අවධාරණය කළා.

පිටු 18 කින් යුත් මෙම ලේඛනයෙන් අනතුරු අඟවන්නේ යුක්‍රේන රුසියා යුද්ධයෙන් යුරෝපයට ඇති අවදානම් හා අවිනිශ්චිතභාවයයි.
එමෙන්ම රුසියාවෙන් නිරන්තරයෙන් එල්ලවන තර්ජන හමුවේ යුද සූදානමක යුරෝපීය නායකයින් සිටීමේ අවශ්‍යතාවය ද යුරෝපා කොමිසම අවධාරණය කර සිටිනවා.

එසේම ට්‍රම්ප් පරිපාලනය යුරෝපය කෙරෙහි ගැටුම්කාරී ප්‍රවේශයක් ලබාදී ඇති බවද ඔවුන් සඳහන් කළා.
එබැවින් යුරෝපා මහද්වීප පුරවැසියන් හදිසි අවස්ථාවකදී සූදානම් බව සහතික කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග අනුගමනය කළයුතු බවයි යුරෝපා සංගම් කොමිසම අවධාරණය කරන්නේ.