Search

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියාව “U.S Travel Program” සමඟ සම්බන්ධ වීමත් සමඟයි.

මේ වනවිට එම වැඩසටහන සමඟ රටවල් 19 ක් සම්බන්ධ වී තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට Voluntary Global Entry සාමාජිකත්වය ලබාගැනීම සදහා අයදුම් කළ හැකියි.

මෙම ක්‍රියාවලිය ඔස්සේ සුදුසුකම් සපුරන ඔස්ට්‍රේලියානු සංචාරකයන්ට විශේෂ පහසුකම් රැසක් ඉදිරියේදී සැලසෙනු ඇති.

මෙහි පළමු අදියර ජනවාරි මාසයේදී ආරම්භ වූ අතර ඊට අයදුම් කළ හැකි වූයේ සීමිත ඔස්ට්‍රේලියානුවන් පිරිසකට පමණයි.

කෙසේවෙතත් එම වැඩසටහනේ දෙවන අදියර ජූලි මාසයේදී ආරම්භ වීමට නියමිත අතර ඒ ඔස්සේ පළමු අදියරට සාපේක්ෂව ඔස්ට්‍රේලියානුවන්ට වැඩි අවස්ථා සලසා දී ඇති බවයි පැවසෙන්නේ.

ඒ සදහා ඇතුලත් වී ඇති සෙසු රටවල් අතර ආජන්ටිනාව, බහරේන්, බ්‍රසීලය, කොලොම්බියාව, ක්‍රෝඒෂියාව, ඩොමිනිකන් ජනරජය, ජර්මනීය, ජපානය, ඉන්දියාව, මෙක්සිකෝව, නෙදර්ලන්තය, පැනමා, දකුණු කොරියාව, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, තායිවානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එක්සත් රාජධානිය ඇතුලත්.