
අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.
ෆෙඩරල් අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සති අන්තයේදී ඉදිරි මැතිවරණය ප්‍රකාශයට පත් කරනු ඇති බවටයි මීට පෙර අනුමාන කළේ.
කෙසේවෙතත් හෙට (28) දිනයේදී ඒ පිළිබඳ නිල නිවේදනය අග්‍රාමාත්‍යවරයා විසින් නිකුත් කරනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ එම නිවේදනයෙන් පසුව මැයි මස 03 වනදා මැතිවරණය පැවැත්වෙනු ඇති බවටයි.
මැතිවරණය පැවැත්විය හැකි වෙනත් දින ලෙසට මැයි 10 සහ මැයි 17 යන දින කෙරෙහිද දේශපාලන ක්ෂේත්‍රය තුළ විශාල කතාබහක් නිර්මාණය වී තිබීමද විශේෂත්වයක්.
