Search

යොවුන්වියේ දරුවන් ගැන භයානක අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතරින් ඇතැම් දරුවන් දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

ඔවුන් පවසන්නේ, මව්පියන් ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය භාවිතයට බහුලව නැඹුරුවීම තුළ මාපිය දූ දරු සබඳතා අඩුවීම මීට හේතුව විය හැකි බවයි.

අවුරුදු 10ත් 19ත් අතර වයස් කාණ්ඩය නව යොවුන්විය ලෙස හැඳින්වෙනවා.

මෙම කාලය තුළ දරුවෙකුගේ කායික මානසික හා සමාජීය චර්යාවල ශීඝ්‍ර වෙනස්කම් සිදුවන අතර, ඒ හේතුවෙන් මෙම අවධිය පිළිබඳ දැඩි අවධානයක් යොමුකළ යුතු බව වෛද්‍යවරුන් පෙන්වාදෙනවා.

ඒ අනුව සිසුන්ගෙන් 21.4%ක් අඩු බර සහිත වූවන් ලෙසත්, 12.1%ක් අධි බරින් යුක්ත බවත්, 3%ක් ස්ථූලතාවයෙන් පෙළෙන බවත් හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය ද වැඩි වී ඇති බවත් දරුවන්ගෙන් 28.4%ක් දිනකට පැය තුනකට අධික කාලයක් අධ්‍යාපනික නොවන කාරණ සඳහා අන්තර්ජාල හෝ සමාජ මාධ්‍ය භාවිතයේ යෙදෙන බවත් හෙළි වී තිබෙනවා.

මේ අනුව තම දරුවන්ගේ හැසිරීම පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙසයි වෛද්‍යවරුන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ.