Search

බ්‍රිතාන්‍ය සම්බාධක පැනවීම ගැන Human Rights සංවිධානයෙනුත් යෝජනා

හිටපු හමුදා ප්‍රධානීන් 3 දෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය ගත් තීරණය සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය අදහස් දක්වා තිබෙනවා.

ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ සිදුවූ ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි රැස්කිරීම සහ වගවීම ඉල්ලා සිටීම සඳහා සාර්ථක යෝජනා මාලාවක් එක්සත් රාජධානිය යෝජනා කර ඇති බවයි.

ශ්‍රී ලංකාව වගවීම සාක්ෂාත් කරගැනීමට කිසිදු උත්සහයක් නොගන්නා තාක්කල් යුක්තිය සෙවීම සඳහා ජාත්‍යන්තර ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වන බවද හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වාදෙනවා.

ඒ අනුව බටහිර රාජ්‍යයන් අඛන්ඩව ඉලක්කගත සම්බාධක පැනවිය යුතු අතර ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්කර ඇති සාක්ෂි භාවිතා කළ යුතු බවයි  හියුමන් රයිට්ස් කවුන්සිලය වැඩිදුරටත් කියාසිටියේ.

මේ අතර ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය විදේශඩ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශ විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්  ඇන්ඩෘ පැට්‍රික්ට ඊයේ දැනුම් දුන්නා.

එහිදී අමාත්‍යවරයා කියාසිටියේ වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ රජය නිරතව සිටින අතර අතීතයේදී සිදුවූ යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතොත් ඒවා පිළිබඳව දේශීය යාන්ත්‍රණය හරහා කටයුතු කළ යුතු බවයි.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »