
ඇන්තනී ඇල්බනීස්ගේ කම්කරු රජය දැනට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 78 ක් හිමිකර ගෙන ඇතැයි සමීක්ෂණ වාර්තාවක දැක්වෙනවා.
විපක්ෂ සන්ධානය ලබාගෙන ඇත්තේ ආසන 55 ක් වන අතර 16 ක් සුළු පක්ෂ සහ ස්වාධීන පක්ෂ අතර වන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
මෙම වසරේ තරඟ වැදීමට නියමිත ඡන්ද දායකයින් 150 න් 51 ක් මේ වනවිටත් ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිෂන් සභාව විසින් ලැයිස්තුගත කර තිබෙනවා.

මේ අතර මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ නිළ වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති අතර මැයි 3 වනදා එය පැවැත්වෙනු ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.
කෙසේවෙතත් මැතිවරණය මැයි 17 වනදාට පෙර පැවැත්වීමට සිදුවනු ඇති.

අගමැති ඇන්තනී ඇල්බනීස් කම්කරු රජය සඳහා දෙවන ධුර කාලයට තේරීපත්වීමට අපේක්ෂා කරනවා.
විපක්ෂ නායක පීටර් ඩටන් ජාතික සන්ධානයේ විපක්ෂයේ එක් ධුර කාලයකට පසු නැවත රජයට පැමිණීමටයි උත්සහ කරන්නේ.