ඔස්ටේ්රලියාවේ හිටපු ටෙස්ට් ක්රීඩකයෙකු වන ස්ටුවර්ට් මැක්ගිල් මීට සති 02 කට පමණ පෙර පැහැර ගැනීමට ලක්ව නිදහස් කර ඇතැයි පොලිසිය අද තහවුරු කලා.
සිඩ්නි හි lower north shore ප්රදේශයේදී ගිණි අවි පෙන්වා ඔහු මෙලෙස පැහැර ගෙන ගොස් තිබූ බව සඳහන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පැහැරගෙන තිබූ කාලය තුළදී ස්ටුවර්ට් මැක්ගිල් ට පහර දී ඇතැයිද හෙළිවී තිබේ.
මෙම සිද්ධියත් සමග පොලිසිය ඔහුගේ නිවස දැඩි සෝදිසි කිරීමකටද ලක්කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්රියාත්මකයි.