
ඔස්ට්‍රේලියාවේ විශාලතම අගනගරවල වාහන නැවැත්වීමේ ගාස්තු එක්සත් ජනපදයට සාපේක්ෂව ඉහළ බව නවතම වාර්තාවකින් හෙළිව තිබෙනවා.
NRMA විසින් සිය පාර්කින් මැඩ් වාර්තාවේ සොයාගැනීම් ප්‍රකාශයට පත්කිරීමෙනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව සිඩ්නි, මෙල්බන් සහ බ්‍රිස්බන් හි වාහන නැවැත්වීමේ ගාස්තු එක්සත් ජනපදයේ නගර වන සැන්ඩියාගෝ, බොස්ටන් සැන් ෆ්රැන්සිස්කෝ සහ සියටැල් ට සාපේක්ෂව වඩාත් ඉහළ බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

ඉන් සිඩ්නි නගරයේ පාර්කින් ගාස්තුව ඉතා ඉහළ බවද වාර්තාවේ දැක්වෙනවා.
සිඩ්නිහි වාහන නැවැත්වීමේ අනුපාතය අමරිකානු ඩොලර් 51 ක් වන අතර එය එක්සත් ජනපද නගර මෙන් දෙගුණයක් බවයි NRMA සිය වාර්තාවේ දක්වා ඇත්තේ.

මේ පිළිබඳව වහාම සලකා බලන ලෙසයි පාර්කින් මැඩ් හි ප්‍රධාන නිර්දේශකයෙකු බලධාරීන්ගේ ඉල්ලා සිටින්නේ.