Search

පාවෙමින් තිබූ මුදල් බෑගයක් NSW මුහුදෙන් හමුවෙයි

නිව් සවුත්වේල්ස් හි දකුණු වෙරළ තීරයට අභිරහස් ලෙස මුදල් බෑගයක් ගසාගෙන විත් තිබෙනවා.

 පසුගිය මාර්තු 20 වනදා දහවල් 1.30 ට පමණ කියාමා හි කෙන්ඩල්ස් මුහුදේ පාවෙමින් තිබූ මෙම මුදල් බෑගය පිළිබඳ පොලීසිය තවමත් පරීක්ෂණ සිදුකරමින් සිටිනවා.

ඒ අවට ප්‍රදේශවාසියෙක් මාධ්‍යයට පවසා ඇත්තේ විශාල ජනතාවක් මෙම ආරංචියෙන් පසු එදින මුහුදු වෙරළට රොක් වූ බවයි.

 කිහිප දෙනෙකුට පාවෙමින් තිබූ ඩොලර් 100 නෝට්ටු හමුවී ඇති බවද ඇය කියාසිටියා.

 ඇය පවසන්නේ ඔවුන්ට මෙම මුදල් මත්ද්‍රව්‍යවලට සම්න්ධද නැතහොත් ව්‍යාජ මුදල් ද යන්න කිසිදු අදහසක් නොමැති බවයි.

 අයිතිකරුවෙකු සොයාබැලීමකින් තොරව මුදල් ලඟ තබා ගැනීම සොරකමක් සේ සලකන බව NSW පොලීසිය කියාසිටියා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »