Search

හිටපු හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය

හිටපු හමුදා ප්‍රධානීන් 3 දෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණය ඒකපාර්ශවික පියවරක් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා හමුවූ අමාත්‍ය විජිත හේරත් අද මේ සම්බන්ධව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය දැනුම්දුන්නා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ මෙම ඒකපාර්ශවික තීරණය ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහයක් නොදක්වන බවයි.

එය තත්වය ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වන බවද අමාත්‍යංශය පෙන්වාදෙනවා.

ඔවුන් නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ රජය නිරතව සිටින අතර අතීතයේදී සිදුවූ යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතොත් ඒවා පිළිබඳව දේශීය යාන්ත්‍රණය හරහා කටයුතු කළ යුතු බවයි.

ශ්‍රී ලංකා රජයේ මෙම ස්ථාවරය විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශ විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්  ඇන්ඩෘ පැට්‍රික්ට අද එම අමාත්‍යංශයේදී දැනුම් දී තිබෙනවා.

දුම්පානයෙන් මිදෙන්න සූදනම් පිරිසක්

ස්පිනිෆෙක්ස් මිනිසා දශකයක් තිස්සේ පර්ත් සිට කිලෝමීටර් 1,300 ක් නැගෙනහිරින් පිහිටි ටියුන්ට්ජුන්ට්ජාරා හි දුරස්ථ ප්‍රජාවේ සෞඛ්‍ය වෘත්තිකයෙකු ලෙස සේවය කර ඇත.

Read More »

අවසන් ගමනේදී පාප් වහන්සේ කියා දුන් – අනුකම්පාවේ පණිවිඩය

සිය දේහය වතිකාන සීමාව තුළ මිහිදන් නොකිරීමට තීරණය කිරීමෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සියවසකට අධික සම්ප්‍රදායක් බිඳ දමා ඇත.

Read More »