
චුවින්ගම්වල මයික්‍රො ප්ලාස්ටික් අඩංගු බවට අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
අනෙකුත් ආහාරවල මයික්‍රො ප්ලාස්ටික් අඩංගුවී ඇත්තේ ඒවා ඇසුරුම් කිරීමේදී හෝ සකසන අවස්ථාවේදී වන නමුත් චුවින්ගම් සකසනුයේ ප්ලාස්ටික් පොලිමර් අමුද්‍රව්‍ය වලින් බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
එසේ ප්ලාස්ටික් පොලිමර් අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරන එකම ආහාරයද චුයින්ගම් බව පර්යේෂකයින් කියාසිටියා.

එමෙන්ම මයික්‍රො ප්ලාස්ටික් මිනිසුන්ට අහිතරකද නැත්ද යන්න පිළිබඳව තවමත් විද්‍යාඥයින් සොයාගෙන නොමැති බවයි ඔවුන් පැවසුවේ.
මයික්‍රො ප්ලාස්ටික් රුධිරය, පෙනහළු, කළල මෙන්ම මොළය ඇතුළු විවිධ ශරීර කොටස් හෝ තරලවල ඒවායේ පැවැත්ම රඳවා සිටින බවට ද මේ වනවිට විද්‍යාඥයින් තහවුරු කර ගෙන තිබෙනවා.
