Search

එන්නත් කලොත් සරම්ප අවදානම 1% යි

2025 වසරේ ඔස්ට්‍රේලියාව පුරා සරම්ප රෝගීන් බෝවීම යළි ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

මේ වනවිට මේ වසරේ නිව් සවුත්වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත දෙකෙන්ම රෝගීන් 13 දෙනා බැගින් වාර්තා වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අධ්‍යයන වාර්තා පෙන්වාදෙන්නේ සරම්ප මාත්‍රා දෙකක් ලබාගත් පුද්ගලයින් සිය දෙනෙකුගෙන් එක් අයෙකුට ද යළි සරම්ප රෝගය ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

එන්නත් ලබාගත් පුද්ගලයින්ට නැවත සරම්ප ආසාදනයවීමේදී රෝගය දරුණු ලෙස බලනොපාන බව ද ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ පෙන්වාදෙනවා.

සරම්ප රෝගයෙන් ආරක්ෂාවීමට සිදුකළ හැකි ඵලදායීම ක්‍රමය වන්නේ එන්නත්කරණය බවයි ඔවුන් නැවත අවධාරණය කරන්නේ.

ඔස්ට්‍රේලියානුවන්ට බොහෝ අවස්ථාවලදී විදේශීය රටක සංචාරයකින් පසුව මෙම රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මේ වනවිට ලොව පුරා සරම්ප රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර ඔස්ට්‍රේලියානුවන් නිතර සංචාරයේ යෙදෙන එක්සත් ජනපදය, තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය ද ඒ අතර වනවා.

වසංගතයට මුහුණදෙන අනෙකුත් අටවල් වන්නේ යේමනය, පකිස්තානය, ඉන්දියාව, ඉතියෝපියාව, රුමේනියාව සහ ඇෆ්ගනිස්ථානයයි.