Search

ලොව භයානකම රටවල් අතර ලංකාව සහ ඔස්ට්‍රේලියාව ඉන්න තැන

ලෝකයේ භයානකම රටවල් 10 නම් කර තිබෙනවා.

එක් එක් රටවල අපරාධ පිළිබඳ මහජන සංජානන මත පදනම්ව මෙය සිදුකළ බවයි Numbeo පර්යේෂණ ආයතනය පවසන්නේ.

වෙනිසියුලාව, පැපුවා නිව්ගිනියාව, හයිටි, ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අපරාධ දර්ශකයේ මූලික රටවල් 5 අතර වනවා.

එම දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාව 67 වන ස්ථානයේත් ශ්‍රී ලංකාව 89 වන ස්ථානයේත් රැඳී සිටීම විශේෂත්වයක්.

මෙහිදී ලොව වඩාත්ම ආරක්ෂිත රටවල් 5 අතරට ඇන්ඩෝරා, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර්, තායිවානය සහ ඕමාන් පත්ව තිබෙනවා.

ආරක්ෂිතම රටවල් අතර ශ්‍රී ලංකාව 59 වන ස්ථානයේත් ඔස්ට්‍රේලියාව 82 වන ස්ථානයේදී රැඳී සිටීම විශේෂත්වයක්.