Search

සංචාරකයින්ගේ වැඩිම ආකර්ෂණය මෙවරත් සිඩ්නි නුවරට

සිඩ්නි නුවර මෙවරත් ඔස්ට්‍රේලියාවේ සංචාරකයින්ගේ ආකරෂණය අතින් ඉහළම නගරය බවට පත් වී තිබෙනවා.

මෙවර ඩොලර් බිලියන 53 ක ඉහළම සංචාරක ආදායම් වාර්තාවක් සිඩ්නි නගරය ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ.

එය 2023 සංඛ්‍යා ලේඛනවලට සාපේක්ෂව සියයට 3.6 ක් වැඩිවීමක් වනවා.

පසුගිය වසරේ පොප් සුපර්ස්ටාර් Taylor Swift ගේ ප්‍රසංගය නැරඹීම සඳහා විශාල සංචාරකයින් පිරිසක් සිඩ්නි වෙත පැමිණ තිබෙනවා.

ඒ අනුව සිඩ්නි හි මෙම ජයග්‍රහණයට ඇය වෙතද ගෞරවය හිමිවිය යුතු බවයි NSW භාණ්ඩාගාරිකවරයා පවසා ඇත්තේ.

විදේශයන් හි සිට පැමිණෙන සංචාරකයින් සියයට 11 කින් ඉහළගොස් ඇති අතර වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන්නේ චීනය, එක්සත් ජනපදය සහ නවසීලන්තයෙන්.

ලබන වසරේ සිඩ්නි හි දෙවන ගුවන් තොටුපළ විවෘතවීමෙන් අනතුරව සංචාරකයින් සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවයි NSW බලධාරීන් විශ්වාසය පළකර ඇත්තේ.