Search

ලිංගික චෝදනා ලැබූ හිටපු මන්ත්‍රීවරයාගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු මන්ත්‍රීවරයාගේ ඉල්ලීමක් අද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

හිටපු ලිබරල් මන්ත්‍රී Roderick “Rory” Amon මෙම චෝදනාවට ලක්වී ඇත්තේ.

2017 වසරේදී අවුරුදු 13 ක් වයසැති පිරිමි දරුවෙකුට ලිංගික අතවර කිරීම ඔහුට එරෙහි චෝදනාවයි.

35 හැවිරිදි හිටපු මන්ත්‍රීවරයා අද සිඩ්නි ඩව්නින් සෙන්ටර් දිසා අධිකරණයේ පෙනීසිටිමින් තමා මෙම චෝදනාවලට වරදකරු නොවන බවට පිළිගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් සිඩ්නි හි Potts Point ප්‍රදේශයේ ජීවත්වීමට අවසර දෙන ලෙසයි ඔහු එහිදී අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

නමුත් එහිදී පැමිණිලි පාර්ශවය අධිකරණයට පවසා ඇත්තේ ලිංගික අතවරයට ලක්වූ දැන් 20 හැවිරිදි තරුණයාද මෙම ප්‍රදේශයේ සේවය කරන බැවින් ඊට අවසර නොදෙන ලෙසයි.

කරුණු සලකා බැලීමෙන් පසුව විනිසුරුවරයා හිටපු ලිබරල් මන්ත්‍රීවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර මන්ත්‍රීවරයා සිඩ්නි හි Potts Point ප්‍රදේශයේ නිවසක් බද්දට ගැනීමට මේ වනවිටත් ඩොලර් දහස් ගණනක් වැය කර ඇති බවද වාර්තා වනවා.