
ඔස්ට්‍රේලියා උද්ධමනය නැවත පහළ ගොස් ඇතැයි නවතම දත්ත වාර්තාවලින් අනාවරණය වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යංශයේ මාසික පාරිභෝගික මිල දර්ශක වාර්තාවෙනුයි මේ බව හෙළි වී ඇත්තේ.
ඒ අනුව පෙබරවාරි මාසය දක්වා මාස 12 ක කාලයක් තුළ උද්ධමනය සියයට 2.5 සිට 2.4 ක් දක්වා සුළු පහත වැටීමක් සිදුව ඇති බව හඳුනාගෙන තිබෙනවා.

සංචිත බැංකුවේ ඊළඟ පොලී අනුපාත තීරණයට තවත් සතියකටත් අඩු කාලයක් තිබීයදීයි උද්ධමනය පහළයාම සිදුව ඇත්තේ.
සංචිත බැංකුවේ පොලී අනුපාත තීරණය ලබන අප්‍රේල් මස පළමු වන දින ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
