
නිව් සවුත්වේල්ස් උසස් පාසලක් ඊයේ සිට ලොක්ඩවුන් කර තිබෙනවා.
කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකුට ශිෂ්‍යාවන් 2 දෙනෙකු ඇතුළු තවත් අයෙකු විසින් පහරදීම මීට හේතුවයි.
Armidale ද්විතීක විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසුවේ ශිෂ්‍ය හැසිරීම් පිළිබඳ කාරණයක් හේතුවෙන් පාසල වසා දැමූ බවයි.

අවුරුදු 11 ත් 13 ත් වයස්වල ශිෂ්‍යාවන් දෙදෙනෙකු සහ තවත් සිසුවෙකු අතර ඇති වූ ගැටුමකදී එය බේරීමට කාර්ය මණ්ඩල සේවකයින් උත්සහ කර තිබෙනවා.
එහිදීයි ඔවුන්ට මෙම පහරදීම සිදුව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් 3 දෙනා මේ වනවිටත් අත්අංගුවට ගෙන ඇති බවයි NSW පොලීසිය පවසන්නේ.