Search

අයවැය සහ ඉදිරි මැතිවරණය ගැන දේශපාලන විචාරකයින්ගේ මත

ෆෙඩරල් මැතිවරණය අප්‍රේල් මස 12 වනදා ප්‍රකාශයට පත්කරනු ඇතැයි දේශපාලන විචාරකයින් පවසනවා.

ඒ අනුව මැතිවරණය මැයි 3 වනදා පැවැත්වෙනු ඇති බවයි ඔවුන් විශ්වාස කරන්නේ.

භාණ්ඩාගාරික ජිම් චාමර්ස් ඊයේ සිය හතර වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මැතිවරණයක් ඉදිරියේ තිබියදී ලේබර් රජය අයවැයෙන් ජනතාවට සහන ලබාදීම පුදුමයක් නොවන බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

මෙවර අයවැයෙන් කාන්තාවන් වෙනුවෙන් විශාල සහන ලබාදී ඇති අතර උකස් හිමියන්ට තවදුරටත් පොලී සහන ලබාදීම ද කැපීපෙනෙන බව ඔවුන් කියාසිටියා.

මේ අතර ඡායා භාණ්ඩාගාරික අන්ගුස් ටේලර් සඳහන් කර ඇත්තේ මෙම අයවැය අගමැතිවරයාගේ මැතිවරණ අල්ලසක් බවයි.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »