Search

අපරාධවලට සම්බන්ධ මුදල් ලඟතබා ගත් මෙල්බන් කාන්තාවක් අත්අඩංගුවට

මුදල් විශුද්ධිකරණ චෝදනා මත මෙල්බන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

සුඛෝපභෝගී ඔරලෝසු, රත්‍රං බිස්කට්, ඩොලර් ලක්ෂ 4 කට ආසන්න මුදලක් ඇය සතුව තිබී සොයාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

අපරාධවලින් උපයන මුදල් වසන් කිරීම වෙනුවෙන් ඇය කැෆේ එකක් විවෘත කර ඇති බවද මෙල්බන් පොලීසිය සඳහන් කළා.

ඒ අනුව ව්‍යාපාරයේ බැංකු ගිණුමට ඩොලර් 10,000 බැගින් මුදල් තැන්පතු 40 ක්ද සිදුකර ඇති බව සඳහන්.

AFP පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ මෙල්බන් කාන්තාවගේ ප්‍රකාශිත ආදායම, බැංකු මුදල් හා දේපළවල වටිනාකම ඇතුළුව ඇය සතුව තිබූ ධනය ගිණුම්ගත කිරීමට පවා ප්‍රමාණවත් නොවන බවයි.

43 හැවිරිදි මෙම කාන්තාවගේ සහයකයෙකු 2022 වසරේ මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනා.

එහි විමර්ෂණයක් ලෙසයි මෙල්බන් Braybrook හි පදිංචි මෙම කාන්තාව අත්අඩංගුවට පත්ව ඇත්තේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »