
රුධිර පරීක්ෂණයක් මගින් පියයුරු පිළිකා හඳුනා ගැනීමේ අවස්ථාව පළමු වරට ඔස්ට්‍රේලියානු කාන්තාවන්ට හිමිව තිබෙනවා.
BCAL රෝග විනිශ්චය කණ්ඩායම විසිනුයි මෙම සාර්ථක පර්යේෂණය සොයාගෙන ඇත්තේ.
මෙම සොයාගැනීම සාර්ථක කිරීමට වසර 15 කට වැඩි කාලයක් ගතවූ බවද ඔවුන් කියාසිටියා.

ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් සියයට 40 හෝ 50 ක් හයි බ්‍රෙස්ට් ඩෙන්සිටි තත්වයෙන් පෙළෙනවා.
ඔවුන් වෙනුවෙන් මෙම රුධිර පරික්ෂණ ක්‍රමය ඉලක්ක කළ බවයි BCAL පර්යේෂක ජේන් ෂෝ පැවසුවේ.

සාමාන්‍ය යෙන් ඔස්ට්‍රේලියාවේ සෑම දිනකම පුද්ගලයින් 58 දෙනෙකු පියයුරු පිළිකාවෙන් පෙළෙන බවට හඳුනාගෙන තිබෙනවා.
2024 වසරේදී පියයුරු පිළිකාවෙන් පෙළෙන රෝගීන් ගණන 21,194 ක් ලෙස වාර්තා වූ අතර ඉන් 20,973 ක් කාන්තාවන් වන අතර පිරිමින් ඇත්තේ 221 දෙනෙක් පමණයි.