
2025 අයවැය ඉදිරි වසර 5 සඳහා නොව ඉදිරි සති 5 සඳහා වන අයවැයක් බවට විපක්ෂ ලිබරල් ජාතික සන්ධානය චෝදනා කරනවා.
ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා පෙරේදා තහවුරු කර සිටියේ ෆෙඩරල් මැතිවරණය ලබන මැයි මාසයේදී පවත්වන බවයි.
ඒ අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් ආසන 40 යන දෙකම මැයි 17 වනදා වනවිට නැවත තේරීපත්විය යුතුයි.

මෙම කාලසීමාව සපුරාලීමට නම් මැතිවරණය නිළ වශයෙන් අප්‍රේල් 13 වනදා වනවිට හෝ ඊළඟ සතියේ දී කැඳවිය යුතු බව ඡායා භාණ්ඩාගාරික ඇන්ගුස් ටේලර් කියාසිටියා.
මෙය මැතිවරණයක් සඳහා වන අයවැයක් මිස ඔස්ට්‍රේලියාවේ අනාගත සමෘද්ධිය සඳහා වන අයවැයක් නොවන බවයි ඊයේ අයවැය නිවේදනයෙන් පසු ඔහු තරයේ ප්‍රකාශ කළේ.

ඔහු පෙන්වාදෙන්නේ රට මුහුණ දෙන ආර්ථික හා ජාතික ආරක්ෂක අභියෝගයන් සඳහා මෙවර අයවැය අසමත් වී ඇති බවයි.
මේ අතර විපක්ෂ නායක පීටර් ඩටන් ද අයවැය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන අතර බදු වෙනස් කිරීමට සහය නොවන බව ඇන්ගුස් ටේලර් ප්‍රකාශ කළා.