Search

අයවැයෙන් ඔස්ට්‍රේලියානු කාන්තාවන්ට ලැබුණු සුවිශේෂී සහන මෙන්න

මෙවර අයවැයෙන් කාන්තා සෞඛ්‍ය සේවය ඉහළ නැංවීම වෙනුවෙන් සහන රැසක් ලබාදී තිබෙනවා.

උපත් පාලන සහ ශ්‍රෝණි වේදනාවන් ඉලක්ක කර ගනිමින් ඩොලර් මිලියන 792.9 ක සහනයක් ලබාදුන් බවයි භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසන්නේ.

වයස අවුරුදු 18 ත් 44 ත් අතර කාන්තාවන්ගෙන් තුනෙන් දෙකක් උපත් පාලන ක්‍රම භාවිත කරනවා.

ඒ අනුව විශාල මෙඩිකෙයා සහනයක් ලෙස LARC උපත් පාලනයන් සඳහා ඩොලර් මිලියන 134.3 ක් වෙන්කළ බව ජිම් චාමර්ස් කියාසිටියා.

එමෙන්ම ඩොලර් බිලියන 1.8 ක ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් ද PBS පැකේජයක් යටතේ ඔබට ලබාදීමට නියමිතයි.

ඒ අනුව මෙම සහන ලබන මැයි පළමු වනදා සිට ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර පසුගිය වසරේ මෙන් මෙවරත් ජාතික අර්බුදයක් වී ඇති ගෘහස්ථ හිංසනයන් වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 277.7 ක ආයෝජනයක් සිදුකර ඇති බව ද භාණ්ඩාගාරිකවරයා පැවසුවා.

එමෙන්ම රටේ සෞඛ්‍ය ශ්‍රම බලකාය ඉහළ නැංවීම වෙනුවෙන් රජයේ වෛද්‍යවරුන්ට සහ හෙදියන් වෙනුවෙන් ඩොලර් මිලියන 606.3 ක් වෙන්කිරීමටයි 2025 අයවැයෙන් සැලසුම් කර ඇත්තේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »