
ඔස්ට්‍රේලියානුවන් බිලියන ගණනකට සහනයක් අත්කර දෙමින් අදියර කිහිපයක් යටතේ බදු කප්පාදු සිදු කිරීමට ඊයේ (25) ඉදිරිපත් කෙරෙනු ෆෙඩරල් අයවැයෙන් යෝජනා කෙරුණා.
ඒ අනුව ලබන වසරේ ජූලි 01 වනදා සිට දැනට ඇති අඩුම බදු ප්‍රතිශතය වන සියයට 16 සියයට 15 දක්වා අඩු කිරීමට නියමිතයි.
ඒ අනුව වාර්ෂිකව ඩොලර් 18,200 ට වඩා උපයන ඔස්ට්‍රේලියානුවන්ට එය බලාත්මක වනු ඇති.

ඩොලර් 45,000 සිට ඩොලර් 135,000 දක්වා උපයන අයට සියයට 30 ක් ලෙසද ඩොලර් 135,000 සිට ඩොලර් 190,000 දක්වා උපයන අයට සියයට 37 ක් ලෙසද බදු අය කිරීමටයි ඊයේ ඉදිරිපත් කෙරෙනු ෆෙඩරල් අයවැයෙන් යෝජනා කෙරුණේ.
මේ අනුව වසර 50 ක ඉතිහාසයේ අඩුම බදු ප්‍රතිශතය හදුන්වාදුන් රජය බවට වත්මන් ලේබර් රජය පත් වනවා.

වසරකට ඩොලර් 18,200 ක් හෙවත් ඩොලර් 1,516 කට වඩා අඩු මාසික වැටුපක් උපයන කිසිවෙකුටත් මෙම බදු ප්‍රතිශතයන් අදාළ වන්නේ නැහැ.