
ෆෙඩරල් අයවැය භාණ්ඩාගාරික ජිම් චාමර්ස් විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.
මෙවර අයවැයෙන් නව බදු කප්පාදු දෙකක් සහ වැඩි වැටුප්, බිල්පත් සහන මෙන්ම බලශක්ති සහන ද ලබාදෙන බවයි ඔහු එහිදී කියාසිටියේ.
එපමණක් නොව සහන මිලට ඖෂධ සහ ශිෂ්‍ය ණය ලබාදීම වැඩිකිරීම මෙන්ම ජීවන වියදම් සඳහා අවශ්‍ය උපකාරයන් ලබාදීමද මෙමගිනු සිදුවනු ඇති.

මෙය ඔස්ට්‍රේලියාවේ අනාගතය ගොඩගැනීමේ සැලැස්මක් වන අතර මෙවර අයවැයෙන් වැඩි නිවාස, නිපුණතා සහ අධ්‍යාපන සඳහා නව ආයෝජනයන් ලබාදෙනු ඇති බවයි ජිම් චාමර්ස් කියාසිටියේ.
එමෙන්ම මෙවර අයවැයෙන් ආර්ථිකය ආපස්සට හැරවීමක් සිදුවන අතර උද්ධමනය පහළගොස් ආදායම් ඉහළ යනවා පමණක් නොව විරැකියාව අඩු කිරීමද සිදුවන බව ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එමෙන්ම පොලී අනුපාතය අඩු වී ණය ලබාදීම් වැඩිකර ආර්ථිකය වර්ධනය වේගවත් කරන බවද ඔස්ට්‍රේලියා භාණ්ඩාගාරිකවරයා අවධාරණය කළා.
මෙවර අයවැය මගින් මීට වසර 3 කට පෙර තිබුනාටත් වඩා හොඳ තත්වයක් ඔස්ට්‍රේලියාව පත්කරන බවයි ඔහු සඳහන් කළේ.
මෙම අයවැය නව පරම්පරාවක සෞභාග්‍යයේ සැලැස්මක් බව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් අවධාරණය කර සිටියා.