Search

6.7 ක ප්‍රබල භූ කම්පනයක් නවසීලන්තයට

නවසීලන්තයේ දකුණු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එය රික්ටර් මාපක 6.9 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

භූ කම්පනය 5000 කට අධික පිරිසකට දැනී ඇති බවද භූ කම්පන නිරීක්ෂකයින් පෙන්වාදෙනවා.

ඒ හේතුවෙන් Southland සහ Fiordland කලාපවල වෙරළ ආශ්‍රිත පදිංචිකරුවන් සිය නිවෙස්වලින් ඉවත් වී ඇති බවයි නවසීලන්ත මාධ්‍ය වාර්තා පවසන්නේ.

නිළ වශයෙන් දැනුම්දීමක් සිදු නොවූවත් භූමි කම්පාව මිනිත්තුවකට වඩා දැනුනහොත් එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසයි මීට පෙර ජාතික හදිසි සේවා අංශ ඔවුන් දැනුවත් කර ඇත්තේ.

කෙසේවෙතත් සුනාමි තර්ජනයක් නොමැති බවට පසුව තක්සේරු කර තිබෙනවා.