
2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සැලසුම් ක්වින්ස්ලන්ඩ් රජය විසින් අද හෙළිදරව් කර තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් අගමැති ඩේවිඩ් ක්‍රිස්ෆුලි විසින් එළිදැක්වූ සැලසුම්වලට අනුව ආසන 63,000 කින් යුත් ක්‍රීඩංගනයක් ඉදිකරන බවයි තහවුරු කර ඇත්තේ.
මෙම ක්‍රීඩා උළෙල බ්‍රිස්බන් නගරයෙන් ඔබ්බට විහිදෙන අතර ප්‍රාන්තයේ ඉදිරි පරම්පරා ගණනාවකට කලාතුරකින් ලැබෙන මහඟු අවස්ථාවයක් බව ඩේවිඩ් ක්‍රිස්ෆුලි සඳහන් කළා.

එමෙන්ම වික්ටෝරියා උද්‍යානය මෙම ක්‍රීඩාංගනයේ ප්‍රධාන නිවහන වන අතර එය විනෝදාස්වාද ඉසව්වලින් ද යුක්ත බවයි වාර්තා වන්නේ.
ආසන 25,000 කට අධික සංඛ්‍යාවකින් යුත් විශාල ජල තටාංගනයක් ද ඉදිකිරීම මෙහි සැලසුමයි.

මෙම දැවැන්ත ක්‍රීඩාංගනයෙන් ඉදිරි දශක ගණනාවක් තුළ ලෝක මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිවනු ඇති බවයි ක්‍රිස්ෆුලි වැඩිදුරටත් පවසා ඇත්තේ.
මේ අතර බ්‍රිස්බන් හි ඉදිවන මෙම නව ක්‍රීඩාංගනය හේතුවෙන් ප්‍රවාහනය මෙන්ම යටිතල පහසුකම් රැසක් ද සංවර්ධනය වන බව ක්වීන්ස්ලන්ත අගමැතිවරයා ප්‍රකාශ කළා.