Search

තද වැසි සහ ගංවතුර අවදානම් ක්වින්ස්ලන්ඩ් වැසියන්ට යළිත්

ඉදිරි පැය 24 තුළ ගංවතුර තත්වයකට සූදානම් වන ලෙස ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

මිලිමීටර් 200 කට අධික වර්ෂාපතනයක් ඉදිරියේදී අපේක්ෂා කෙරෙන බවයි ඔස්ට්‍රේලියා කාලගුණ විද්‍යා කාර්යංශය අනතුරු අඟවන්නේ.

ක්වින්ස්ලන්ඩ් හි Central West සහ Channel Country  හි බොහෝ ප්‍රදේශවලට දැඩි කාලගුණික අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණා.

මධ්‍යම සහ බටහිර ප්‍රදේශවල ගංගා ආශ්‍රිතව ගංවතුර අවදානම් නිකුත් කර ඇති නමුත් වැඩි ගංවතුර අවදානමක් ඇති Bulloo ගඟ ආශ්‍රිතව මෙවර අනතුරු ඇඟවීම් නිකුත්කර නොමැතිවීම විශේෂත්වයක්.

ගංවතුර තත්වයක් ඇති විය හැකි ප්‍රදේශ ලෙස Longreach, Quilpie, Windorah, Isisford, Barcaldine සහ     Winton නගර නම් කර තිබෙනවා.

මේ අතර කාලගුණ විද්‍යා කාර්යංශය පවසන්නේ හෙට දින වනවිට වැසි තත්වයේ අඩුවක් දක්නට ලැබෙනු ඇති බවයි.