
වික්ටෝරියා අගමැතිනි ජසින්ටා ඇලන්ගේ දේශය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලට තමන් සහය දක්වන බව ඔස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.
අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදීයි අගමැතිවරයා මේ බව කියාසිටියේ.
ජසින්ටා ඇලන් වික්ටෝරියා ප්‍රාන්තයේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ආ වෙනස්කම් තමන් අගය කරන බවයි ඇල්බනීස් එහිදී පවසා ඇත්තේ.

රටේ ආරක්ෂාව වෙනුවෙන් නීතියේ වෙනස්කම් සිදුකිරීමට ඉල්ලන සෑම විටම ඒවාට එකඟවීමට පසුබට නොව බව මාධ්‍ය හමුවේදී ඇල්බනීස් සඳහන් කළා.
අද රාත්‍රියේ නිකුත්කරන අයවැයෙන් බුද්ධි අංශය වෙනුවෙන් අතිරේක මුදලක් එක්කරන බවයි ඔස්ට්‍රේලියා අගමැතිවරයා අවධාරණය කළේ.
