Search

$ බිලියන 940 ක වාර්තාගත ණයක් ඔස්ට්‍රේලියා අයවැයෙන්

2024/25 වසරේදී දළ ණය ඩොලර් බිලියන 940 කට සීමා කිරීමට ඔස්ට්‍රේලියා රජය සූදානම් වනවා.

අද රාත්‍රියේ මේ වසරේ අයවැය ඉදිරිපත් කිරීමට නියමිතයි.

රටේ වගකිව යුතු ආර්ථික කළමණාකරණයක් වෙනුවෙන් ඉදිරි අයවැයේදී ණය සීමා කරන බවයි භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසන්නේ.

2023/24 වර්ෂයේ ණය සීමාව ඩොලර් බිලියන 906.9 ක් ලෙස පැවති බව කොමන්වෙල්ත් වාර්තාවල දැක්වෙනවා.

2022 වසරේ අවසන් මැතිවරණයට පෙර ණය සීමාව ඇස්තමේන්තු කළ මුදලට සාපේක්ෂව ඩොලර් බිලියන 177 කින් අඩුවී ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.

එමගින් ණය ගැනීමේ පිරිවැය ඉහළ ගියද බදු ගෙවන්නන්ගේ පොලී පිරිවැය ඩොලර් බිලියන දස දහස් ගණනකින් ඉතිරි වන බව චාමර්ස් කියාසිටියා.

ඒ අනුව මෙවර අයවැය ඉතිහාසයේ විශාලතම අයවැය පෙරළියක් සිදුකරන ‘කම්කරුවන් වෙනුවෙන් වගකිව යුතු අයවැයක්’ බව ඔස්ට්‍රේලියා භාණ්ඩාගාරිකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »